rice

මාධ්‍ය මගින් අනාවරණය කරනු ලබන සිල්ලර මිලට සහල් මිලදි ගැනීමට අනුරාධපුර දිස්ත්‍රික්කයේ වෙළදසැල් වල නොමැති බව අනුරාධපුර නගර ආසන්නයේ පාරිබෝගිකයන් පවසති.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර නගර ඇතුළු ප්‍රදේශ ගණනාවක උග්‍ර සහල් හිගයක් පවතින අතර නාඩු සුදු කැකුළු සම්බා හා කීරි සම්බා යන සහල් සොයා ගැනීමට නොමැති බව ඔවුන් කීහ.

අනුරාධපුර නගරයේ ඇතැම් වෙළදසැල් වල පමණක් සහල් අලවියට තබා තිබෙනා අතර නාඩු සහල් කිලෝග්‍රෑම් පහක මිල රුපියල් 650ක් බව ඔවුන් සදහන් කරති.

නාඩු සහල් කිලෝවක මිල රුපියල් 130යි සම්බා සහල් කිලෝවක් රුපියල් 170යි කීරී සම්බා කිලෝග්‍රෑමයක මිල රුපියල් 190යි.නමුත් සම්බා හා කීරි සම්බ සොයා ගන්න නෑ.නාඩු සහල් තියනවා සීමා සහිතව කඩ වලින් දෙන්නේ.කිලෝවක මිල රුපියල් 130යි යනුවෙන් පාරිභෝගිකයන් පැවසූහ.

අනුරාධපුර මහේෂ් විජේසුරිය

Similar Posts