badalkubura

මීට මාස 08 කට පමණ පෙර පසුගිය මාර්තු මස කොළඹ, වේල්ලවීදිය ප්‍රදේශයේ ට්‍රැවලින් බෑගයක අතැරදමා තිබියදී හමු වු කුරුවිට ප්‍රදේශයේ පදිංචිව සිටි අවිවාහක කාන්තාවගේ හිස නැති මළ සිරුරෙන් අතුරුදන්වූ හිස ගැන හෝඩුවාවක් ඉරිදා දිනයේ එකී ඝාතනය සිදු කළ බවට සැක කළ පොලිස් නිලධාරියා විසූ බඩල්කුඹුරින් හමුවී තිබෙයි.

මෙය හමු වී ඇත්තේ බඩල්කුඹුර – පස්සර ප්‍රධාන මාර්ගයේ අළුපොත ප්‍රදේශයේ, කිලෝමීටර් 11 කණුව ආසන්නයේ ඇති පාළු ඉඩමකදී යි.

මිනිස් හිස් කබලක් ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දුන් තොරතුරු මත පොලිසිය ඒ ගැන සොයා බලා හිස්කබල සොයාගන්නා ලදි.

පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර වැඩිදුර පරීක්ෂණ සදහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිතය.

 

news sinhala today

Similar Posts