පොළොන්නරුවේ ලේ දන්දීමේ වැඩසටහනක්

නව කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ජාතික ලේ බැංකුවේ අවශ්‍යතා සඳහා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තරුණ සමාජ ක්‍රියාකාරින් පිරිසක් ලේ දන්දීමේ වැඩසටහනක් ඉකුත් දා ක්‍රියාත්මක කළ හ.

පොලොන්නරුව,සුංගාවිල මුබීන් ජුම්මා මස්ජීද් මද්‍රසා ශාලාවේ දී මෙම පින්කම සිදු කළ අතර පොලොන්නරුව දිස්ත්‍රික් ‍රැකියා අපේක්ෂිත උපාධිධාරි සංගමය,ක්‍රීඩා සමාජ,තරුණ සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් මීට සහභාගී විය. ලේ පයින්ට් 50ක් පමණ මෙම ප්‍රජා සත් කාරයේ දී ජාතික ලේ බැංගුවට පරිත්‍යාග කිරීමට මෙම සංවිධායකයන්ට හැකි විය.

පොලොන්නරුව අල් හික්මා සමාජ සංවර්ධන හා සංවිධානය හා සෙයිලාන් මුස්ලිම් තරුණ සංවිධානය මෙම වැඩසටහන ට අනුග්‍රාහක දායකත්වය දැඌහ.පින්තූරවල දැක්වෙන්නේ එම ලේ දන් දීමේ අවස්ථාවක් හා ප්‍රජා සත්කාරක සංවිධාන සාමාජිකයන් ය.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

More Stories