weather-alert

රත්නපුර සහ කලුතර දිස්ත්‍රික්ක දෙක සඳහා ඉදිරි පැය 24 කාලයකට බලපැවැත්වෙන පරිදි නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඊයේ (13) පස්වරු 03.30 ට නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙන්නේ කලුතර දිස්ත්‍රික්කයේ ඉංඟිරිය , බුලත්සිංහල, වළල්ලාවිට , පාලින්ද නුවර සහ දොඩංගොඩ ප්‍රදේශවල නායයෑමේ අවධානම් ඇතිවිය හැකි බවයි.

එමෙන් ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කුරුවිට , රත්නපුර , ඇළපාත , අයගම, කිරි ඇල්ල , පැල්මඩුල්ල , කලවාන , නිවිතිගල යන ප්‍රදේශවලද නායයෑමේ අවධානම් ඇතිවිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බවයි.

Similar Posts