elawalu digital backpack

එළවළු මිල ඉහළ යාම හේතුවෙන් කුඩා පරිමාණයේ සිල්ලර එළවළු වෙළෙඳසල් සියයට හැත්තෑ පහක් (75%)ක් පමණ වැසී ගොස් ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

එළවළු වර්ග බොහොමයක මිල පසුගිය මාසයට සාපේක්ෂව සියයට සියයකින් පමණ ඉහළ ගොස් තිබේ. ඒ හේතුවෙන් එළවළු ඉල්ලුම විශාල ලෙස අඩුවී ඇතැයි ද එළවළු තොග වෙළෙන්දෝ පැවසූහ.

තවද එළවළු මිල ඉහළ යෑමත් සමග බොහෝ පාරිභෝගිකයන් එළවළු වර්ග මිලදී ගන්නේ ග්‍රෑම් 100 – 250ත් අතර ප්‍රමාණයකින් බවද වෙළෙන්දෝ කීවෝය.

මේ අතර, මෙලෙස සිල්ලර එළවළු වෙළෙඳාම අඩාළ වීම හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානවලට පැමිණෙන තොග වෙළෙඳුන් සංඛ්‍යාව ද සැලකිය යුතු ලෙස අඩුවී ඇතැයි ආර්ථික මධ්‍යස්ථානවල නිලධාරීහු පැවසූහ.

gossip lanka c news

Similar Posts