arrest

පුලතිසිපුර විද්‍යාපීඨයේ කොරෝනා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි මත් ද්‍රව්‍ය විශේෂ වැරදි සම්බන්ධ ‍රැදවියන් ට ලබා දීම සඳහා  රහසිගතව ගෙන යන ලද ජංගම දුරකථන 5ක් සමග සැකකරුවන් දෙදෙනෙකු  අත් අඩංගුවට ගත් බව පොලොන්නරුව මූලස්ථාන පොලිසිය කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ දිඹුලාගල හා සිරිපුර පදිංචිකරුවන් දෙදෙනෙකි.සැකකරුවන් පුලතිසිපුර විද්‍යාපීඨයේ විශේෂ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටින ‍රැදවියන් බැලීමට යන මුවාවෙන් මෙසේ ජංගම දුරකථන ලබා දීමට සූදානම්ව සිට ඇත.

මේ දිනවල පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන්නේ බල අපරාධ හා මත් ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි වැරදිකරුවන් පිරිසකි.

පොලොන්නරුව මූලස්ථාන පොලිසියේ අපරාධ මර්දන අංශයට ලැබුණු තොරතුරක් මත සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන පොලොන්නරුව ප්‍රදේශය භාර ජ්‍යෙශ්ඨ පොලිස් අධිකාරි ඕෂාන් හේවාවිතාරණ මහතාගේ උපදෙස් පරිදි පොලොන්නරුව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති මු.පො.ප.ආලෝක බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් සිදු කෙරේ.

බණ්ඩාර මුදීයන්සේ – පොලොන්නරුව

Similar Posts