corona death count sri lanka

අන්තරාකාරී අපද්‍රව්‍ය  බැහැර කිරීම සම්බන්ධව. පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සබාපති රංජිත් විතානගේ මහතා නිකුත් කල මාධ්‍ය නිවේදනයේ මෙසේද   දැක්වේ.

මේ වන විට කොවිඩ් 19 වෛරසය වැලදී මිය යන පුද්ගලයින්ගේ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් සමාජයේ විවිධමතවාද ඇතිවෙමින් පවතී. ඒ පිළිබද තීරණයක් ගැනීමට රජය සූදානම් වන බවක් ද පෙනෙන්නට ඇත.

කොවිඩ් 19 වෛරසය වැලදී මිය යන පුද්ගලයින්ගේ සිරුරු අන්තරාකාරී අපද්‍රව්‍යක් වන බැවින් අන්තරාකාරී අපද්‍රව්‍ය  විනාශ කරන ආකාරය ඉතා පැහැදිලිව පරිසර පනතේ සදහන්ව ඇත.

අන්තරාකාරී අපද්‍රව්‍ය බැහැර කරන ආකාරයට එම  අපද්‍රව්‍යක් බැහැර කිරීමට කටයුතු කරන ලෙස රජය දැනුවත් කරන ලෙස අප සංවිධානය ඔබතුමාගෙන් ඉල්ලා සිටින අතර එසේ නොකොට පරිසර පනත උල්ලංඝණය වන ආකරයට අන්තරාකාරී අපද්‍රව්‍ය බැහැර කිරීමට කටයුතු කලහොත් ඔබට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව ද මෙයින් දැනුම් දෙමි.

ස්තුතියි මෙයට විශ්වාසී, රංජිත් විතානගේ- සභාපති – පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

බෝගහගොඩ – ඒ.ඩබ්ලිව්. ඒ නිමල්

Similar Posts