corona death benefits

කොරෝනා වෛරසයෙන් මියයන පුද්ගලයින් භූමදානය කිරීමෙන් එම වෛරසය භූ ගත ජලයට එක්වීමේ අවදානමක් ද පැවතිය හැකි බවට විශේෂඥයින් මත පළ කරනවා.

මෙම වෛරසය අප ජලයේ ඇති බවට ලොව පුරා සිදුකළ පරීක්ෂණවලදි දැනටමත් තහවුරු වී ඇති බවයි ඔවුන් පවසන්නේ.

කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ මළ සිරුරු භූමදානය කිරීමෙන් සිදුවිය හැකි තත්ත්වයන් පිළිබඳ ශ‍්‍රී ලංකාව තුලදී ද, විශේෂ සොයා බැලීමක් සිදුකළා.

මෙරට ජනතාව බහුල වශයෙන් ළිං ආශ‍්‍රිතව තවදුරටත් සිය ජල අවශ්‍යතා සපුරා ගන්නා බැවින් පවතින තත්ත්වය අවදානම් බවයි ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ස්වභාවික සම්පත් පිලිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ සඳහන් කළේ.

Similar Posts