දොඩන්ගොඩ, දේවානන්ද මාවතේ  නිවස කතනිව ජීවත්වු 54 හැවිරිදි  කාන්තාවක් නිවස තුළම ඝාතනය  කර තිබියදී ඊයේ (12) සවස දොඩන්ගොඩ පොලිසිය සොයාගෙන ඇත .

දොඩන්ගොඩ,  දේවානන්ද මාවත පදිංචිව සිටි සමරසුන්දර ආරච්චිගේ  යසබලා මෙරායා  විජේගුණතිලක නැමති  54 හැවිරිදි අවිවාහක කාන්තාව මෙසේ ඝාතනයට ලක්ව ඇතැයි පොලිසිය කියයි.

මිය ගිය කාන්තාව තනිව  නිවසේ ජීවත්ව  සිට අැති අතර  අසල්වැසියෙකු ඊයේ (12 ) සවස නිවසට ගිය පසු  නිවසේ ඇදක් මත  ඝාතනයට ලක්ව ඇති කාන්තාවගේ සිරුර දැක පොලිසියට දන්වා තිබේ.

නිවසේ ඇඳක්  මත  මිය ගොස් තිබු කාන්තාවගේ හිසේ  තුවාල පෙනෙන්නට තිබුණු බවද පොලිසිය කියයි. සිද්ධිය පිළිබද දොඩන්ගොඩ පොලිසිය  පරික්ෂණ සිදු කරයි..

එස්.පොද්දෙණිය – මිගහතැන්න

Similar Posts