earthquake in sri lanka

මහනුවර හාරගම, අනුරගම, දිගන යන ප්‍රදේශ ආශ්‍රිතව අද (18) පෙරවරු 9.27 ට පමණ සුළු භූ චලන තත්ත්වයක් වාර්තා වී තිබේ.

තප්පර තිහක පමණ කාලයක් මෙම තත්ත්වය දැනුණු බව ප්‍රදේශවාසීන් සඳහන් කරන අතර  මෙම ප්‍රදේශ ආශ්‍රිතව ඉකුත් අගෝස්තු මස 29 වන දින රාත්‍රී 8.30 ට පමණ සුළු භූ චලන තත්වයක් සිදුව තිබේ.
මෙම චලන තත්ත්වය වැඩි වශයෙන් දැනී ඇත්තේ වික්ටෝරියා ජලාශය පිහිටා ඇති ප්‍රදේශ ආශ්‍රිතවය. කියුබික් ඝන මීටර් මිලියන 723ක උපරිම ජල ධාරිතාවයක් සහිත වික්ටෝරියා ජලාශයේ මේ වන විට සක්‍රීය ජල ධාරිතාවය ඉන් සියයට 68කි.
අද පෙරවරුවේ ඇතිවූ මෙම කම්පන තත්ත්වය පල්ලෙකැලේ පිහිටි භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සටහන් වී ඇති අතර එය රික්ටර් පරිමාණ දර්ශක 2.0 පමණ වන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අදාල අංශ විසින් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

නදීක දයා බණ්ඩාර –  මහනුවර

Similar Posts