eliphent

වන අලියෙකුගේ ප්‍රහාරයට ලක්වූ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ වැඩ අංශයේ සේවයේ නිරතවූ පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්වි ඇති බව තඹුත්තේගම මූලස්ථාන පොලිසිය පවසයි.

ඊයේ (29) රාත්‍රීයේ එල්ලවූ වන අලි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වි ඇත්තේ පහළගම පෙතියාගම පදිංචිව සිටි අනුරාධපුර මූලස්ථාන පොලිසියේ වැඩ අංශයේ සේවයේ නිරතව සිටි රත්නායක මුදියන්සේලාගේ සිසිර රත්නායක (50) සැරයන්වරයායි.

ඔහු සිය නිවසේ සිට කුඹුරට යමින් සිටියදි තඹුත්තේගම කැලෑගම මුල්ලේගම විහාරස්ථානය ආසන්නයේදි ප්‍රහාරයට ලක්වි ඇති අතර කැලෑ බද ප්‍රදේශයේ සිට සැරයන්වරයා ඉදිරියට පැමිණි වන අලියා ප්‍රහාරය එල්ල කර පලාගොස් තිබේ.

ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ සැරයන්වරයාව ප්‍රතිකාර සදහා තඹුත්තේගම මූලික රෝහලට ඇතුලත් කර ඇතත් ජීවිතක්ෂයට පත්වු බව තඹුත්තේගම මූලස්ථාන පොලිසිය පවසයි.

වන අලි ප්‍රහාරයට ලක්වු සැරයන්වරයාගේ පශ්චාත් මරණ පරික්ෂණය හා හදිසි මරණ පරික්ෂණය තඹුත්තේගම මූලික රෝහලේදි (30දා) සිදු කෙරුණි.

අනුරාධපුර මහේෂ් විජේසුරිය

Similar Posts