හැටන් රුවන්පුර ජනපදයේ යුකෙලෙප්ටිස් වනවගා රක්ෂිතයක  හටගත් ගින්නක් පාලනය කිරිමට හැකි වු බව  හැටන් පොලිසිය පැවසිය.

හැටන් රුවන්පුර ජනපදයේ ජලාශයට ඉහලින් වු වනවගා රක්ෂීතයකයි ගින්න හටගෙන තිබුනේ.

හැටන් ප්‍රදේශයට මේ දිනවල පවතින වියලි කාලගුන තත්වය හමුවේ ඉලුක් සහිත වනවගා රක්ෂිතයේ ගින්න සීඝ්‍රයෙන් පැතිර ගිය අතර, පැතිරයමින් තිබු  ගින්න හැටන් පොලිසියේ නිලධාරින් සහ හැටන් රුවන්පුර ප්‍රදේශවාසින් එක්ව පාලනය කිරිමට සමත්විය. ගින්නෙන් වනවගා රක්ෂිතයේ  අක්කර 2 ක පමණ කොටසක් සම්පුර්ණයෙන් ගිනිගෙන විනාශ වි ඇත.

කිසියම් පිරිසක් රක්ෂීතයට ගිනිතබන්නට ඇති බවයි රුවන්පුර ප්‍රදේශවාසින් පවසන්නේ.

රක්ෂිත වලට ගිනිතබන අය වෙතොත් ඒ පිලිබදව තොරතුරු පොලිසිය වෙත ලබා දෙන ලෙස හැටන් පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටි.

Similar Posts