terbine

ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වභාවික ද්‍රව වායු බලාගාරය (එල්.එන්.පී) වන “සොබා දනවි බලාගාරය” කඩිනමින් ස්ථාපිත කිරීම සදහා අවශ්‍ය අතිනවීන තාක්ෂණයෙන් යුත් ටර්බයිනය ඉකුත්දා (13) කොළඹ වරායට රැගෙන ආ බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි. වසර ගණනාවකින් මෙරට කිසිඳු විදුලි ව්‍යාපෘතියක් අලුතින් ආරම්භ කර නැති අතර මෙගාවොට් 350ක ධාරිතාවකින් යුත් මෙම ස්වභාවික ද්‍රවවායු බලාගාරය මෙරට පවතින විදුලි අර්බුදයට දැවැන්ත විසඳුමක් වන අතර රටේ විදුලි කර්මාන්තය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් යැයිද ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

මෙම එල්.එන්.ජී. බලාගාරයේ පළමු අදියර යටතේ මෙගාවොට් 220ක් ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීමට නියමිත අතර දෙවන අදියර යටතේ තවත් මෙගාවොට් 130ක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට නියමිතය.

Similar Posts