kelani-river-flood

කැළණිගං ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවල ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පහත්බිම් රැසක සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්වය අද (9) දිනයේත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර බස්නාහිර, සබරගමුව, උතුරු සහ වයඹ පළාත්වලත්, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

දින ගණනාවක් තිස්සේ පැවති තද වැසි සමඟ ඇතිවූ ගං වතුර, අකුණු සහ සුළං සහිත කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 15 ක පවුල් 1,836 කට අයත් 7,167 දෙනෙක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙම අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මරණ 6ක් වාර්තා වී ඇතැයි එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

 

gossip lanka hot news

 

Similar Posts