flood

මහඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් කුරුණෑගල සහ ගම්පහ දිස්ත්‍රික්කවල පහත් බිම්වලට දැඩි ගංවතුර අවදානමක් පවතින බව එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර මහතා සඳහන් කළේය.

මේ අතර දැඩි වර්ෂාව හේතුවෙන් ගංගා රැසක් පිටාර ගලමින් පවතින අතර මේ නිසා කැලණි ගඟ ද්‍රෝණියේ ඉහල ප්‍රදෙශවල ගංගාවේ ජල මට්ටම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ නිසා දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත් බිම්වල  ගං වතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

මහඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් වරදගොල්ල, නාඋල්ල, දිවුල්දෙණිය සහ වැලිහිද ග්‍රාමසේවා ප්‍රදේශ මෙන්ම අලව්ව, මීරිගම, වෙන්නප්පුව, මීගමුව සහ කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්ද ජලයෙන් යටවීමේ අවදානමක් පවතී.

එමෙන්ම සීතාවක ගඟ ද පිටාර මට්ටමේ පවතින බව දැනුම් දී තිබේ. මේ අතර නිල්වලා ගඟ සහ කළු ගඟේ ජල මට්ටම ඉහළයමින් පවතින නිසා ඇතැම් ස්ථානවල පහත් බිම් ජලයෙන් යටවීමේ අවදානම් නිවේදනයක් වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Similar Posts