Similar Posts
නිදහස් සැමරුම්වලට ජනපතිගෙන් කොන්දේසියක්
75වන නිදහස් දින සැමරුම් උත්සවය සඳහා අවශ්‍ය වියදම් ඇස්තමේන්තු ගත කිරීමේදී හා ප්‍රායෝගිකව වියදම් කිරීමේදී රටේ වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු පාර්ශවවලට අද උපදෙස් ලබා දෙන ලදි. දේශපාලන අධිකාරිය මෙන්ම නිලධාරීන්ගේ ද ඊට අනුගතව වියදම් අවම කර ගනිමින් කටයුතු කළ යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. ඒ, නිදහස් දින…
“නිවාර්” චන්ඩ වෙයි
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “නිවාර්” සුළි කුණාටුව ඊයේ (24) රාත්‍රී 11.30 වනවිට චන්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ලංකාවේ කන්කසන්තුරය වෙරළට කි.මී. 230ක් නැගෙනහිරින් (10.1N, 82.1E) ස්ථානගතව පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (25) නවතම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. එය ඉදිරි පැය 24ක කාලය තුළ ඉතා චන්ඩ සුළි කුණාටුවක් බවට පත්වෙමින්…
කැළණිතිස්සට තාප බලාගාරයක්
කැළණිතිස්ස බලාගාර පරිශ්‍රයේ තවත් මෙගාවොට් 105ක තාප බලාගාරයක් ඉදිකිරීමට කඩිනමින් පියවර ගන්නා බව විදුලිබල ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. දෛනික විදුලි ඉල්ලුම හමුවේ රට මේ වනවිට මුහුණ දී තිබෙන අභියෝගාත්මක වාතාවරණය ලිහිල් කිරීම වෙනුවෙන් කොළඹ අවට ස්ථාපිත කොට ඇති විදුලිබලාගාරයන්හි වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කිරීම සදහා විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ නිරීක්ෂණ චාරිකාවකදී…
පොදු ප්‍රවාහනය ගැන ජනපති අලුත් තීරණ කිහිපයක් ගනී
මගී ආකර්ෂණය ඇතිවන ආකාරයට පොදු ප්‍රවාහන සේවා වඩාත් විධිමත්ව හා ගුණාත්මකව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දී තිබේ. තෙල් මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින අතර ඒ සමග පොදු ප්‍රවාහනය සඳහා වැඩි ඉල්ලුමක් පවතින බව ත් ඊට පහසුකම් සැලසීමෙන් ජනතාවට සහනයක් සැලසෙන බව ත් ඔහු සඳහන් කර ඇත. ප්‍රවාහන…
තැපැල් ඡන්ද සමස්ත ප්රතිඵලයන් කිසිවක් කොමිසමට තවම ලැබී නෑ – ප්‍රතිඵල තවදුරටත් ප්‍රමාද වන ලකුණු
තැපැල් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 371න් තවම ගණන් කිරීම් අවසන් කර ඇත්තේ මධ්‍යස්ථාන 103ක පමණක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි. ඔහු වැඩිදුරටත් එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ කිසිදු සමස්ථ දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් මේ වන විට මැතිවරණ කොමිෂන් සභාවට ලැබී නොමැති බවයි.
20 බලාත්මකයි
කෙටුම්පත්කරණය සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමුකළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත යළි අද දිනයේ පාර්ලිමේන්තුව වෙත ලැබීමෙන් අනතුරුව තානායකවරයා විසින් ඊට අත්සන යොදා සහතික කර තිබෙනවා. තුනෙන් දෙකක බහුතර බලයකින්, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 22 වන දා පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.