school

හැටන් අධ්‍යාපන කලාපයේ සිසුන් 200ට අඩු ප්‍රාථමික පාසල් 74ක් අද ( 21) දින  යලි ආරම්භ කිරිමට පියවර ගෙන ඇති බව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. ශ්‍රිධරන් මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු ශ්‍රිධරන් මහතා පවසන ලද්දේ කොවිඩ් වසංගත තත්වයන් හේතුවෙන් වසා දැමුනු පාසල් අතරින් සිසුන් 200ට අඩු ප්‍රාථමික පාසල් අද (21)  දින යලි ආරම්භ කිරිමට රජය මගින් පියවර ගෙන ඇති බවත් එම තත්වයන් මත හැටන් අධ්‍යාපන කලාපයේ නගර, ග්‍රාමිය, වතු ආශ්‍රිත පාසල් 74ක් යලි ආරම්භ කිරිමට පියවර ගෙන ඇති බවත්ය.

එම තත්වයන් මත හැටන් අධ්‍යාපන කලාපයේ ද්‍රවිඩ මධ්‍ය පාසල් 53ක් හා සිංහල මාධ්‍ය පාසල් 21ක අධ්‍යාපන කටයුතු අද දින සිට ආරම්භ කරන බවත් එම පාසල්වල සේවය කරන බෝහෝ විදුහල්පතිවරුන් හා ගුරුවරුන් 21වන දින සිට සේවයට වාර්ථා කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද ඔහු පවසන ලදි.

රට තුල පවතින කොවිඩ් තත්වයන් හේතුවෙන් දැනට වසර දෙකක පමන කාලයක සිටම මෙම ප්‍රදේශයේ ජිවත්වන අහිංසක සිසුන්ගේ අධ්‍යාපන කටයුතු කඩා වැටිමකට ලක්ව ඇති බවත් එම තත්වයන් මත එම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනිම සදහා තම දායකත්වය ලබා දෙන ලෙස සියලුම විදුහල්පතිවරු ගුරුවරුන්ගෙන් තමන් ඉල්ලා සිටින බවද ශ්‍රිධරන් මහතා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා හැටන්

Similar Posts