hatton

කොවිඩ් වසංගතය හමුවේ රජය මගින් පනවා ඇති නිරෝධාන ඇදිරි නිතිය උල්ලංගනය කරමින් හැටන් නගරයේ බොහෝ වෙළද සැල් බාගේට විවෘත කරගෙන වෙලඳ  කටයුතු සිදු කරන අතර එම වෙලද සැල් වසා දැමිමට හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඇතුළු නිලධාරින් පියවර ගන්නා ලදි.

නිරෝධාන ඇදිරි නිතිය මධ්‍යයේ  හැටන් නගරයේ සමහර වෙලද සැල් මෙසේ විවෘත කර තැබිමට පියවර ගැනිමත් සමග හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක පලිපාන මහතා ඇතුළු නිලධාරින් පිරිසක් නගරයට පැමින එසේ විවෘත කර තිබු සියලුම වෙලද සැල් වසා දමන ලෙසට අදාල ව්‍යාපාරිකයන්ට දැනුම් දෙන ලදි.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන හැටන් නගරයේ වෙලදුන් කිප දෙනකුම පවසන ලද්දේ මත්පැන් හල් විවෘත කර තිබියදි තම වෙලද සැල් වසා දැමිමට පැවසිම දැඩි අසාධාරනයක් බවත් රජය මගින් ගන්නා ලද මෙවැනි ක්‍රියාවන්ට පොලිසියට දොස් පැවරිමෙන් පලක් නොවන බවත්ය.

hatton

මනුර සුදත් සෙල්ලහේවා හැටන්

Similar Posts