hot news sinhala

ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂවරයෙකු මෙන්ම ගායන ශිල්පියෙකු වූ ලක්ෂ්මන් විජේසේකර මහතා ඊයේ(12) පස්වරුවේ අභාවප්‍රාප්ත විය. දිගු කළක් රෝගීව සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 73 වැනි වියේ පසුවිය.

1975 වසරේ ගායන ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ලක්ෂ්මන් විජේසේකර මහතා රංගන ශිල්පියෙකු ලෙස ද නිර්මාණ කිහිපයකට සම්බන්ධ විය.

ලක්ෂමන් විජේසේකර මහතා ගැයූ බාල ළමාවරුනේ, දැල්වු පහන්, ඇති දේ ඇති සැටියෙන්, සිනා පිපෙනා, සඳ පානෙ වැලිතලාවෙ සුර, ඔබ මට තරුවකි, දෑත දෙපාලන, සුපෙම් හැඟුම්, මේ ප්‍රේම සීමා මාලකේ සහ සඳ කිණිති නැමී’ ඇතුළු ගීත රැසක් රසිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය විය.

විලම්බීත, දඟයන්ට පමණයි, ටිකිරි සහ උංගි යන ටෙලිනාට්‍යවලට සංගීත අධ්‍යක්ෂණයෙන් ද දායක විය. සඳ කිනිනි නැමී , ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු , දැල් වූ පහන් ඇතුළු ගීත 80 කට ආසන්න සංඛ්‍යාවක් ගායන ක්ෂේත්‍රයට දායාද කර තිබේ.

ලක්ෂමන් විජේසේකර මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා ගල්කිස්ස කලාපුරයේ පිහිටි ඒ මහතාගේ නිවසේ අද (13) තැන්පත් කෙරෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු ඉරිදා (14) ගල්කිස්ස පොදු සුසාන භුමියේදී සිදු කිරීමට නියමිතය.

 

hot news sinhala

Similar Posts