Increase bus fares

කොවිඩ් 19 වසංගතය හමුවේ බස් ගාස්තු ඉහල දැමිම උපයෝගි කරගෙන හැටන් සිට ධාවනය වන සමහර පුද්ගලික බස් රථවල බස් මගින් ගසා කැමට එම බස් රථවල කොන්දොස්තරවරුන් කටයුතු කරන බව බස් මගීන් පවසති.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන මෙම ප්‍රදේශයේ බස් මගින් පවසනුයේ හැටන් සිට බගවන්තලාව, මස්කෙළිය, සාමිමලේ, සාංචිමලේ, තලවාකැලේ, ෆෝඩයිස් යන මාර්ගවල ධාවනය කරනු ලබන සමහර පුද්ගලික බස් රථවල සේවය කරනු ලබන කොන්දොස්තරවරුන් තමන්ගෙන් වැඩි පුර මුදල් අයකරන බවත්ය.

කොවිඩ් වසංගත තත්වයන් හේතුවෙන් කරන ලද සංශෝධනයන් මත බස් ගාස්තු ඉහල යාමත් සමග මේ වන විට එම බස් ගාස්තු පිලිබදව තමන්ට නිසි වැටහිමක් තවමත් නොමැති බවත් මෙසේ වැඩිවු බස් ගාස්තු පිලිබදව තමන්ට නිසි ලෙස දැන ගැනිමට ලැබෙන්නේ ලංගම බස් රථවල හා සමහර පුද්ගලික බස් රථවල ගමන් කරන විට බවද එම බස් මගින් පවසති.

මෙසේ වැඩි පුර මුදල් ගන්නා සමහර බස් රථවල කොන්දොස්තරවරුන් තමන්ට ටිකට් පත් නොදෙන බවත් මෙම තත්වයන් මත කොවිඩ් වසංගතය මෙකි කොන්දොස්තරවරුන් වසන්තයක් බවට පත් කර ගෙන ඇති බවද එම බස් මගින් පවසති.

කොවිඩ් වසංගත තත්වයන් හේතුවෙන් මේ වන විට තමන් ඉතාමත් අසරන තත්වයන්ට පත්ව ඇති බවත් එම තත්වයන් මත සමහර බස් කොන්දොස්තරවරුන් මෙසේ වැඩි පුර මුදල් අයකරමින් තමන් මෙසේ ගසා කැමට ලක් කිරිම දැඩි අසාධාරණයක් බවද එම බස් මගින් පවසති.

මෙම තත්වයන් පිලිබදව මධ්‍යම පලාත් මගි ප්‍රවාහන අධිකාරියේ අදාල නිලධාරින්ගේ කාරුණික අවදානය කඩිනමින් යොමු කල යුතු බවද එම බස් මගින් වැඩි දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts