ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ ඊයේ රාති‍්‍රයේ පැවති දෙවන තරගය කඩුළු 8කින් ජය ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත්ව තිබේ.
ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුලූ 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 175ක්. වේගවත් ඉනිමක් කී‍්‍රඩා කළ නායක ශහීඕ අෆ්රිඩි පන්දු 23කදී හයේ පහර 6ක් සහ හතරේ පහර 3ක් සමගින් ලකුණු 58ක් රැස් කිරීමට සමත් වුණා. ධනුෂ්ක ගුණතිලක ලකුණු 38 යි.
පන්දු යැවීමේදී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ ඩුආන් ඔලිවර් කඩුලූ 4ක් සහ වනිදු හසරංග කඩුලූ දෙකක් බිද හෙලූවා.
ලකුණු 176ක ඉලක්කයක් හඹා යාම සදහා ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ මිනෝද් භානුක සහ අවිශ්ක ප‍්‍රනාන්දුයි. සුපිරි ඉනිමක් කී‍්‍රඩා කළ අවිශ්ක ප‍්‍රනාන්දු පන්දු 63කදී නොදැවී ලකුණු 92ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග‍්‍රහණය වෙත රැගෙන ගියා.
සොයිබ් මලික් නොදැවී 31යි. අවිශ්ක ප‍්‍රනාන්දු සහ සොයිබ් මලික් අතර 3 වන කඩුල්ල සදහා ලකුණු 110ක නොබිදුනු සබදතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමට ජය මාවත විවර කර දුන්නා.
ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ මොහොමඕ අමීර් සහ මොහොමඕ ශිරාස් එක් කඩුල්ල බැගින් දවා ගත්තා. තරගයේ වීරයා ලෙස නම් කෙරුණේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ අවිශ්ක ප‍්‍රනාන්දුයි.






