කසිප්පු ජාවාරමක් වැටලිමට ගිය දකුණු කළුතර  පොලිසියේ නිළධාරින්  පිරිසක්  ඊයේ  ( 30)   නාගොඩ, බෝම්ඹුවල ප්‍රදේශයේදි   කසිප්පු ජාවාරම් කරුවන්ගේ හා කාන්තාවන්ගේ  ප්‍රහාරයකට ලක්ව  පොලිස් පරික්ෂකවරයෙකු හා පොලිස් කොස්තාපල් වරයෙකු  තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය කියයි.

නාගොඩ, බෝම්ඹුවල ප්‍රදේශයේ සිදුකල කසිප්පු ජාවාරමක් වටලා කසිප්පු සමග සැකකරුවකු අත් අඩංගුවට  ගෙන පොලිසිය වෙත රැගෙන ඒමට උත්සාහ කළ අවස්ථාවේ  එම සැකකරු  තවත් කාන්තාවන් තිදෙනෙකු සමග පොලිසියට  පහරදි  තිබේ.

කාන්තාවන්ගේ ප්‍රහාර හමුවේ කසිප්පු ජාවාරම් කරු පොලිසියට රැගෙනවිත් ඇති අතර  පොලිස් නිළධාරින්ට පහරදිම, රාජකාරියට බාධා කිරිමේ චෝදනා යටතේ කාන්තාවන්  තිදෙනෙකු ද  පොලිස් බාරයට ගෙන ඇත. සිද්ධිය පිළිබද  දකුණු කළුතර පොලිසිය පරික්ෂණ සිදු කරයි.

( එස්. පොද්දෙණිය – මීගහතැන්න )

 

Similar Posts