richway

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන්  කොවිඩ් ආසාදිත බිලිඳුන්, මවුවරුන්, කාර්ය මණ්ඩලයේ පුද්ගලයන් 290ක් පමණ මේ වන විට වාර්තා වී ඇත.

කොවිඩ් – 19 වයිරසය ආසාදිත දරුවන් 150ක් මවුවරුන් 80ක්ද කාර්ය මණ්ඩලයේ පුද්ගලයන් 60ක් පමණද වාර්තා වී ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසුවේය.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කාර්ය මණ්ඩලයේ පුද්ගලයන් 1,570 කට පමණ කොවිඩ් – 19 එන්නත දී අවසන් බවත් කාර්ය මණ්ඩලයේ කිසිවකුටත් එන්නත හේතුවෙන් සංකූලතා මතු නොවූ බවත් ඒ මහතා කීය.

Similar Posts