nayayam

දිස්ත්‍රික් 09 කට පනවා ඇති නාය යෑමේ අනතුරු ඇඟවීම අද රාත්‍රී 08:30 දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව පහත දිස්ත්‍රික්ක තුළ ඇතුලත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා මෙම අනතුරු ඇඟවීම බලාත්මකයි.

01. කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක

02. බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල හා පස්සර

03. ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ – නෙලුව – යක්කලමුල්ල – බද්දේගම හා ඇල්පිටිය

04. කළුතර දිස්ත්‍රික්කයේ හොරණ – ඉංගිරිය – පාලින්දනුවර – අගලවත්ත හා බුලත්සිංහල

05. කුරුණෑගල දිස්ත්‍රික්යේ මල්ලවපිටිය හා මාවතගම

06. මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට හා උකුවෙල

07. රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන – රත්නපුර – කුරුවිට – නිවිතිගල – ඇළපාත – කිරිඇල්ල – අයගම හා ඇහැළියගොඩ

08. මහනුවර දිස්ත්‍රික්කයේ ගග ඉහළ කෝරළේ – යටිනුවර – පස්බාගේ කෝරළේ – ගගවට කෝරළේ – උඩුනුවර – දොලූව – හාරිස්පත්තුව – පහත හේවා හැට හා උඩ පළාත

09.කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට – අරණායක – බුලත්කොහුපිටිය – කෑගල්ල – රුවන්වැල්ල – රඹුක්කන සහ මාවනැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ

 

sinhala news papers

Similar Posts