light

ජාතික සම්පත් විකිනීමට එරෙහි තෙල් , වරාය විදුලි ඒකාබද්ධ සන්ධානය ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා ඔවුන් අද 3 ගෙනයන විරෝධතාව ගැන පැහැදිලි කර තිබේ.

ලංවිම විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් සඳහන් කළේ අද 3 තමන්ගේ පිරිස රාජකාරී සඳහා වාර්තා කරන නමුත් සියලුම සේවකයින් කාර්යාලයෙන් පිටවී උදඝෝෂන ව්‍යාපාරයක් වෙනුවෙන් කොළඹට කේන්ද්‍රගතවන බවයි.

ඒ නිසා රටේ විදුලි බලය බිඳවැටීමට සලස්වා නැති බව ඔහු කියා සිටියේය.

නමුත් විදුලි හදිසි බිඳවැටීම් නඩත්තුව ඇතුළු අතිරේක සේවා නවතින බවත් එදින කවර ආකාරයේ විදුලි ප්‍රශ්නයක් වුවොත් ඒ ගැන තම පිරිස් වග නොකියන බව දන්වා සිටියේය.

Similar Posts