ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 305 දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ (30) දින කොවිඩ් ආසාදිතයින් 879ක් පුර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 56,000 ඉක්මවා ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 305 දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ (30) දින කොවිඩ් ආසාදිතයින් 879ක් පුර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 56,000 ඉක්මවා ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් බලහත්කාරයෙන් අල්ලා ගන්නා ලද බව කියන, වනාතවිල්ලුව වීරක්කොඩි චෝලයි රක්ෂිත වනාන්තරයට අයත් අක්කර 165 ක ඉඩම වන සංරක්ෂක ජනරාල්වරයා වෙත වහාම ආපසු බාර දීමට පුත්තලම මහේස්ත්‍රාත් මිහිල් සතුරුසිංහ මහතා නියම කළේය. රජයේ ඉඩම් සන්තකය ආපසු ලබා ගැනීමේ පනත යටතේ,රක්ෂිත වනාන්තරයට අයත් ඉඩම ආපසු ලබා ගැනීම සඳහා නෙරපීමේ නියෝගයක් නිකුත් කරන්නැයි වන…
කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතාව අද 04 වන දිනටත් ක්‍රියාත්මකයි. ඊට එක්වූ පිරිස් ඊයේ රාත්‍රියේද නිදි වර්ජිතව ගාලු මුවදොර පිටියේ රැදී සිටියා. රැස්ව සිටි පිරිස වෙනුවෙන් ගී ගයමින් සිටි මෙරට රැප් ගායකයෙකු වන ශිරාෂ් විරෝධතා භූමියේදීම ඊයේ රාත්‍රියේ හෘර්දයාබාධයක් හේතුවෙන් හදිසියේ මියගොස් තිබෙනවා. මේ, විරෝධතා භූමියේදී ඔහු ගැයූ අවසන් ගීතතයි. මේ අතර දේශපාලන අර්බුදකාරී…
දහස් ගණන් ග්‍රාමීය ජනතාවට සේවය ලබා ගැනීමට තිබෙන දෑරංගල රජයේ රෝහලට බලධාරීන්ගේ නෙත නොගැටීම නිසා රෝහලේ ගොඩනැඟිලි විනාශයට යමින් පවතී. මෙහි තිබෙන ගොඩනැඟිලි රාශියක් ඉතා අබලන් තත්ත්වයේ පවතී. මාධ්‍ය මඟින් මේ පිළිබඳව හෙළිදරව් කිරීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමණ විරසිංහ මහතා රෝහලේ සංවර්ධන කටයුතු සඳහා රෝහල නිරීක්ෂණය කළ අයුරු .
රටේ සාමාන්‍ය කටයුතු ආරම්භ කළ ද කොවිඩ්-19 වෛරසය පාලනය කිරිමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. සාමාන්‍ය කටයුතු ආරම්භ කළ ද නිරෝධායනයට ලක් කර ඇති පිරිස් වලට නිදහසේ කටයුතු කිරිමට අවස්ථාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේය.
රට තුළ පවත්නා වාතාවරණය කවර මට්ටමේ පැවතියත් දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් අධ්‍යාපන බලධාරීන් සමඟ එක්ව පියවර ගන්නා බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි. රට තුළ පැවති තත්වය හමුවේ උසස් පෙළ විභාගය තවදුරටත් කල් නොදමා පැවැත්වීමට ගත් අභියෝගාත්මක තීන්දුව පරිද්දෙන්ම, ඉදිරියේදී කොවිඩ් හමුවේ පාසල් දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය…
දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ මගීන් මෙරටට රැගෙන ඒම තාවකාලිකව වළක්වයි. දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට මෙරටට මගීන් රැගෙන ඒමෙන් වළකින ලෙස රජය සියලු ගුවන් සමාගම්වලට දැනුම්දී තිබේ. සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එච්.එම්.සී නිමල්සිරි මහතා සඳහන් කළේ, එම තීරණය හෙට සිට සති 2 ක කාලයක් බලාත්මක බවයි.