දුම්රිය රියදුරුන් පිරිසක් වෘත්තීය ක්‍රියාමාර්ගයක

train-strike

විදුලි බලවේග ධාවනාගාරයේ විවේකාගාරයේ ගැටලුවක් මුල් කර ගනිමින් දුම්රිය රියදුරුන් පිරිසක් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇත.

මේ හේතුවෙන් අද (15) පෙරවරුවේ දුම්රිය ගමන්වාර කිහිපයක් අත්හිටුවීමට සිදුවු බව “දුම්රිය නගාසිටුවීම සඳහා වු වෘත්තීය සමිති සන්ධානයේ” කැඳවුම්කරු ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය.

අදාළ ගැටලුවට විසඳුම් නොලැබෙන්නේ නම් අඛණ්ඩව වෘත්තිය ක්‍රියාමාර්ගය සිදුකරන බව ද ඉන්දික දොඩංගොඩ මහතා පැවසීය.

Related posts