corona-vi

ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් ළමයින් 22 දෙනකුට සහ ගුරුවරුන් 05 දෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි මහතා පවසයි.

පාසල් විවෘත කළ දිනයේ සිට මේ දක්වා කාලය තුල මෙම පාසල් දරුවන්ට හා ගුරුවරුන්ට කොවිඩි වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.

බෙන්තොට මොරගොඩ ජාත්‍යන්තර පාසලක සිසුන් 17දෙනකු කොරෝනා ආසාදිතව හඳුනා ගත් බව බෙන්තොට ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයකු සඳහන් කර සිටියේ.

සිසු සිසුවියන් 51ක් දෙනෙකු වෙනුවෙන්  සිදුකළ පරීක්ෂණයකින් පසු මෙම සිසුන් 17 දෙනා කොරෝනා ආසාදිත බව තහවුරු කරගෙන ඇත.

Similar Posts