wijedasa-rajapaksha

පවතින මැතිවරණ ක්‍රමයන් අනුව මැතිවරණ සඳහා මහජන මුදල් විශාල වශයෙන් වැයවන හෙයින් පාර්ලිමේන්තුව,පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට මහජන නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට සුදුසු මැතිවරණ ක්‍රමයක් සොයා බලා වාර්තා කිරීම සහ නිර්දේශ කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි ඉල්ලීම් කෙරෙන යෝජනාවක් අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට  බාරදෙනු ලැබීය.

කතානායකවරයා විසින් මෙම කාරක සභාවේ සභාපතිවරයා සහ සාමාජික මන්ත්‍රීවරුන් නම් කරනු ලැබිය යුතු බවත් එහි සාමාජික මන්ත්‍රීවරුන් විසි එක් දෙනෙකුට නොවැඩි විය යුතු බවත් අධිකරණ අමාත්‍යවරයා බාරදුන් එම යෝජනාවේ සඳහන් වේ.

Similar Posts