apada

අධික වැසි සහිත මෙම කාලගුණ තත්ත්වය සමඟ ඇති වූ ආපදා හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 11 ක් ද වාර්තා වී ඇත.

දියේ ගිලීම් හේතුවෙන් සිදුවූ මරණ 5ක්, නායයාම් හේතුවෙන් සිදුවූ මරණ 4ක් සහ අකුණු සැර වැදීම හේතුවෙන් මරණ 2ක් මෙලෙස වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් ඇතිවෙමින් පවතින බැවින් දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලත්, නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේත් අද (9) රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.

 

newsline sri lanka

Similar Posts