පරාක්‍රම සමුද්‍රයේ යළි ඇවිදින මං තීරු සෑදීමට පැමිණියහොත් ගොවීහුත් පාරට බසින ලකුණු

පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මං තීරු සෑදීම සදහා රළ පනාව ඉවත් කළ ප්‍රදේශය යලි තිබූ ලෙසම සකසන ලෙසත් පරාක්‍රම සමුද්‍රයට අත තැබීමට පැමිණිය හොත් පොලොන්නරුවේ ගොවි ජනතාව මහා සංඝරත්නය සමග එකට පාරට බසින බවත් ගොවීහු කියති.

පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානයේ හා පොලොන්නරුව දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර් ති මහතා මේ බව මාධ්‍ය හමුවක් කැදවමින් පෙරේදා(28) පැවසීය.

පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ ගොවි සංවිධාන 35ක් මේ සදහා විරෝධය පළ කර තිබෙන බවත් ඒ මහතා කීය.

“අපේ වැවට අත තියන්න එපා.අපේ වැව පොලොන්නරුවේ ගොවි ජනතාවගේ හදවත.දැන් අපි එකක් කියන්න ඕන.අපේ වැවට අත තියන්න දෙන්නේ නෑ.අපි එක හඩින් කියන්නේ අපේ වැවට අත තියන්න එපා.පරාක්‍රම සමුද්‍රය කියන එක ලෝකයේ වෙන කොහේවත් නෑ.ඒක තියෙන්නේ පොලොන්නරුවේ.

එක එක්කෙනා කියනවා ඉතින් ලස්සන කරපුවාම මොකද වෙන්නේ කියලා.මම කියන්න කැමතියි.පරාක්‍රම සමුද්‍ර වෙන නෑ.ඒක වෙන වැව් වගේ කරන්න ඕන නෑ.අපේ වැව පරාක්‍රම සමුද්‍රය විදිහට ම තියෙන්න ඕන.අපේ වැවට අත තියන්න ආවොත්  දිවි හිමියෙන්  ගොවි ජනතාව මහා සංඝරත්නයත් එක්ක.අපි කියන්නේ දැන් අපේ වැවේ රළපනාව ඉවත් කරපු ඒවා තිබුණු විදිහටම හදන්න ඕනෑ.මාස් කන්නයේ මහ වැහි ළගයි.

අපි කොටසක් වත් හදන්න දෙන්නේ නෑ.අපි හැමෝම ඒකට විරුද්ධයි.අපට ආදර්ශ පෙන්වන්න අපේ වැවට අත තියන්න එපා.කොටසක් නෙමෙයි කොහොමවත් අපි මං තීරු හදන්න දෙන්නේ නෑ.ඉක්මනින් ගලවලා ඉවත් කරපු රළපනාගල් ස්තාපිත කරලා අපේ වැව ආරක්ෂා කර දෙන්න.”

මේ පිළිබදව පොලොන්නරුව කලාපය භාර වාරි මාර්ග අධ්‍යක්ෂ එල්.එම්.ඩබ්.රත්නසිරි මහතා  පැවසුවේ පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඇවිදින මං තීරූ ව්‍යාපෘතියට එල්ල වූ විරෝධතා සැලකිල්ලට ගෙන එය තාවකාලිකව නවතා දැමීමට සිදු වූ බවයි.

ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව මහ දිසාපති ඩබ්.ඒ.ධර් මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර් යාලීය ශ්‍රවණාගාරයේ දී පැවති මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ අවස්ථාවේ දී ය.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

“මෙම ව්‍යපෘතිය නාගරික සංවර් ධන අධිකරියෙන් වාරිමාර් ග දෙපාර් තමේන්තුවට ලබා දුන්නේ අපේ දෙපාර් තමේන්තුවේ විශේෂගඥයින් අනුමත කරලා තමයි මේ ව්‍යාපෘ තිය කරන්නේ.මේ බැම්ම තවත් අඩි දෙකක් පමණ ඉහළට ඉස්සෙනවා.ඒකෙන් බැම්ම තවත් ශක්තිමත් වෙන එක තමයි සිද්ධ වෙන්නේ.බැම්මට හානියක් වෙන්නේ නෑ.

රළපනාවේ ගල් ඉවත් කර මෙය හදනවා නෙමෙයි.අපි තාවකාලිකවයි රළපනාවේ ගල් ඉවත් කරන්නේ.ඊට අමතරව අපි බදින බැම්මට සපෝට්වන විදිහට නැවත ස්තාපිත කරනවා.රළපනාව පිළිබදව තාක්ෂණික කරුණ නම් රළපනාවට මේ විශාල ගල් දාලා තියෙන්නේ ඇයි කියන එක විස්තර කරන්නම්.

අපේ වැව් බැම්මේ ඉදලා වැවේ ජලය අල්ලන දිගම මට්ටම ගණනය කරලා එන රැල්ලේ ශක්තිය කොච්චරද කියලා ගණනය කරනවා.ඒ එන ශක්තිය එනජි එක පාළනය කරන්න තමයි අපි රළපනාවට ගල් අල්ලලා තියෙන්නේ.මේ බැම්මට අපි තව අඩි දෙකක් ඉස්සෙන නිසා එහෙම බලපෑමක් එන්නේ නෑ.

අපි මෙහි ඉදිකිරීම් කරන්නේ වාරිමාර් ග දෙපාර් තමෙන්තුවේම සෘජු ශ්‍රමය යටතේ.අපි මැෂීනරි පාවිච්චි කරන්නේ ලොකු ගල් අයින් කරන්න විතරයි.අපි වැවට කිසිම හානියක් වෙන්න දෙන්නේ නෑ.අපි හදන බැම්මේ පෙනුම කොන්ක්‍රීට් අල්ලන එක පවා වැහෙන්න හදනවා.ඒකෙන් ස්වභාවික බවට හානි වෙන්නේ නෑ.”

වේලි ආරක්ෂණ ව්‍යාපෘතිය යටතේ වැවේ බැම්ම ශක්තිමත් කිරීමට රුපියල් කෝටි ගණනක් වැය කර තිබෙද්දීත් මෙම මංතීරු ඉදිකිරීමේ ප්‍රමුඛ අවශ්‍යතාව කුමක් දැයි මාධ්‍යවේදින් විමසූ විට කලාප වාරිමාර් ග අධ්‍යක්ෂවරයා මෙසේ පැවසීය.

“ මහා රැල්ලත් එක්ක බැම්මට එන ශක්තිය බාල වෙලා අඩුවෙලා එන්න තමයි ගල් එක එක විදිහට දාලා තියෙන්නේ.ඒක අඩි දෙකක් තුනක් පමණ ගල් පුරවලා තියෙනවා.ඒ එන රැල්ලේ වේගය බාල වෙන්න තමයි ගල් අතුරලා තියෙන්නේ.ඊට පස්සේ තමයි බැම්මේ වදින්නේ.අපි මේ හදන මං තීරුවේ බැම්ම ශක්තිමත්වන විදිහට පස් පුරවලා ඒබීසී ලේයර් එකක් දාලා ග්‍රැවල් ලේයර් එකක් දානවා.

ඊට පස්සේ තමයි පස් තට්ටුවක් දාන්නේ ඊට පස්සේ අපේ අර අඩි 8ක  මං තීරුව එන්නේ.වාරිමාර් ග අධ්‍යක්ෂ හැටියට මට සියලු ම තීරණ ගන්න බෑ.වාරි මාර් ග දෙපාර් තමේන්තුව තමයි අධ්‍ය‍යනය කරලා එයින් තමයි මේක අනුමත කළේ.මෙතනම හදන්න කියලා නියමයක් නෑ.දැනට ජනතාව අතර වැරදි මතයක් ඇතිවෙලා තියෙනවා.සංඝරත්නයේ විරෝධය මත අපි දැනට තාවකාලිකව මේ ව්‍යාපෘ තිය නවත්තලා තියෙනවා.”

පොලොන්නරුව මහ දිසාපති ඩබ්.ඒ.ධර් ම සිරි මහතා මෙසේ පැවසීය.

අපි දන්නවා මේ වෙලාවේ ප්‍රමුඛ වෙලා තියෙන්නේ ඔක්සිජන් දෙන එක කියන එක අපි දන්නවා.ඒවගේම අපි දිස්ත්‍රික්කයේ පළවෙනි එන්නත් මාත්‍රාව් සියයට අනූ හතයි දශම හතකට දීලා තියෙනවා.අනිත් එක තමයි මේ වෙලාවේ ප්‍රමුඛතාව තියෙන්නේ ඔක්සිජන් දෙන්න තමයි.නමුත් ඒ ඒ අමාත්‍යංශවලට වෙන් වෙලා තිබෙන මුදල් ප්‍රමාණය වෙනත් අමාත්‍යංශවලට ගන්න බෑ.ඒ දෙපාර් තමේන්තු ඒවා දෙන්නේ නෑ. මේ ව්‍යාපෘතිය දැනට මම දන්න විදිහට වාරි මාර් ග දෙපාර්තමේන්තුවෙන් තාවකාලිකව නවතා තිබෙනවා.”

කෙසේ වෙතත් මහා සංඝරත්නයේ විරෝධය මත පරාක්‍රම සමුද්‍ර වැව් බැම්මේ ඇවිදින මං තීරු ව්‍යාපෘතිය තාවකාලිකව නවතා දැමුවත් එය මහ සංඝරත්නයේ හා ගොවිජනතාවගේ එකගතාවය ලබා ගෙන ආරම්භ කරන බවත් මහා සංඝරත්නයේ ආශිර්වාදය හා අනුශාසනා නොමැතිව එම කාර් යය සිදු නොකරන බවත් පොලොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර් ලිමේන්තු මන්ත්‍රි අමරකීර් ති අතුකෝරල මහතා පැවසීය.

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….