අමුඩයා මන්ත්‍රී පොහොර ඉල්ලා පොල් ගසයි

amudya-manthree

මෙවර මහ කන්නයේ වී ගොවිතැන වෙනුවෙන් දියවර නිකුත් කර ඇතත් අවශ්‍ය රසායන පොහොර ගොවීන් හට ලබා දීමට පාලකයන්ගේ ඇස් ඇරේවායි කියමින් දේව කන්නලව්වක් සහ බත් දුන් පියා ලෙස විරුදාවලිය ලත් මහාමාන්‍ය ඩී.එස් සේනානායක මහතාගේ පිළිරුව ඉදිරියට ගොස් දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කිරීම ඊයේ (1දා) කුඩා විලච්චිය ගොවි ජනපදයේ ගොවින් පිරිසකගේ සහභාගිත්වයෙන් අනුරාධපුර  නගරයේදී පැවැත් වුණි.

මහ විලච්චියේ සිටි අනුරාධපුර කදිරේෂන් හින්දු කෝවිලට පැමිණි මහවිලච්චිය ගොවි ජනපදයේ අමුඩයා මන්ත්‍රී ඇතුළු ගොවින් පිරිස දේව කන්නලව්ව සිදුකර පොල් ගැසීම සිදු කළහ.

අනතුරුව ගොවීන් පිරිස පා ගමනින් විරිඳු කියමින් අනුරාධපුර නගරයේ පිහිටි හිටපු අග්‍රාමාත්‍ය මහමාන්‍ය ඩී. එස් සේනානායක මහතාගේ පිළිරුව අසලට පැමිණ, නිදා සිටින පාලකයන්ගේ ඇස් ඇරවන්නට ඔබතුමා යළිත් වරක් පිං බිමට පහල වේවායි කියමින් ප්‍රාර්ථනා කරමින් පුෂ්පෝපහාර දැක්විය.

එහිදි අදහස් දැක්වූ විලච්චිය ප්‍රදේශයේ ගොවි මහතෙකු වන අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රී ආර්.අනුර බණ්ඩාර (අමුඩයා මන්ත්‍රී)මහතා.අපි කරගෙන යන්නේ අපිට උරුම වෙලා තියෙන අපේ දෙමව්පියෝ පරම්පරාවෙන් කර ගෙන ආව ගොවිතැනයි.අපි ගොවිතැන් කරලා ජීවත් වන අතරතුර හිටපු ජනාධිපති දැන් අගමැති අනුරාධපුර කඩ දොළහේ දී එක් වතාවක් කිව්වා පොහොර නොමිලේ දෙනවා කියලා.

ඊට පස්සේ කිව්වා පොහොර 350ට දෙනවා කියලා.හැබැයි 350ට පොහොර දුන්නා පස්සේ ඒ පොහොර වලින් ගොවිතැන් කරමින් පාඩුවේ ජීවත් වුණා. ගෝඨාභය මහත්තයා ඇවිත් කිව්වා පොහොර නොමිලේ දෙනවා කියලා.

ඊට පස්සේ තමයි ගොවි ජනතාව ඇතුළු හැටනම ලක්ෂයක් ඡන්දෙ දුන්නෙ. මෙහෙම කරගෙන යනකොට එක පාරම රෑ 12ට රසායනික පොහොර තහනම් කරනවා.ඊට පස්සේ චීන මළ මුත්‍රා ගොඩක් ගෙනැල්ලා අපිට දෙනවා ඒවා යොදලා වගා කරන්න.

බැක්ටීරියා තියෙනවා කියලා එක නැවක් හරවලා යැවුවා. හිටපු කෘෂිකර්ම ඇමති අනුරාධපුර දිස්ත්‍රික්කයේ නායකයා දැන් කියනවා ගොවියට මේ පොහොර දෙන්නෙ අත්හදා බලන්න කියලා.

හත් දෙයියනේ  මේ ගොවියන්ගෙ  ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා. ඇයි මේ ජීවින් ගොවි ජීවිත අත්හදා බලන්නේ ඉන්දියාවෙන් චීනෙන් අසූචි ගෙනැල්ල අත්හදා බලමින් ගොවියා අසරණ කරන්නේ ඇයි.

ඇලහැර බකමූණෙ ගොවි උපවාසයට දින නවයක් ගත වෙලා තාම කිසිදු මැති ඇමැති වරයෙක් මේ අයට විසඳුම් දීලා නැහැ .මේ වෙනකොට අපේ ගොවියෝ පාරවල් ගානේ උද්ඝෝෂණ කරනවා.මේ අප්පලාට කිසිම ගානක් නැහැ.

දරදඬු තීන්දු තීරණ අරගෙන ගොවියන් ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා කියලා අපි කියනවා.මහකන්නයට මහවිලච්චිය වැවෙන් දියවර නිකුත් කරනවා.මේක නිකන් හරියට සබන් දීලා නාන්න වතුර දෙන්නෑ වගේ වැඩක්.

අපි ජය ශ්‍රී මහා බෝධීන් වැඩ සිටින මේ පින් බිමට ඇවිල්ලා කදිරේසන් හින්දු කෝවිලට ගිහිල්ලා පොල් ගහලා  ඩී එස් පිළිරුවට මල් තියලා ඉල්ලා සිටියේ බත් දුන් පියාණෙනි ඔබතුමා කොහේ හරි ජීවත් වෙලා ඉන්නවනම් අහිංසක ගොවියන්ගෙ දුක බලලා රෑට ගිහින් මේ අයගේ බොටුව මිරිකලා හරි ගොවීන්ට පොහොර ටික දෙන්න කියලා යැයි ඒ මහතා පැවසුවේය.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….