vimalasurendra1

අද ( 08) හෙට (09) සහ අනිද්දා (10) යන දිනවල සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දිවයින පුරා දැනට ඇදහැලෙන වැසි තවදුරටත් පැවතිය හොත් දැදුරු ඔය,අත්තනගලු ඔය,මහ යාන් ඔය සහ කලු,කැලණි,බෙන්තර,ගිං හා නිල්වලා යන ගංගා වල ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව අනතුරු අගවයි.එබැවින් ඒ අවට පහත් බිම් වල සිටින ජනතාව දැඩි අවධානයෙන් සිටින ලෙස දැනුම් දෙයි.

මේ අතර වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ප්‍රදේශ රැසකට නිකුත් කර තිබු නායයෑම් අවදානම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.

බදුල්ල, ගාල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ මාතලේ යන දිස්ත්‍රික්කවලට මීට පෙර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණි.

කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ ඒ අවට ප්‍රදේශවල ජනතාවටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, රත්නපුර සහ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ ඒ අවට ප්‍රදේශවල ජනතාවටත් අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙයි.

මේ අතර දැනට පවතින වැසි තත්ත්වය අද සහ හෙට යන දිනවලදී ද පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 150 ඉක්මවු තද වැසිද අපේක්ෂා කළ හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

වයඹ සහ උතුරු පළාත්වලත්, මාතලේ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලත් මිලිමීටර් 100 ඉක්මවු තද වැසි ඇතිවිමේ අවධානමක් පවතී.

news sinhala 24

 

Similar Posts