accident

මාස දෙකකට පමණ පසු වැඩිම මාර්ග රිය අනතුරු සංඛ්‍යාව ඊයේ (30) දින වාර්තා වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නිතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

කොවිඩ් දෙවැනි රැල්ල ආරම්භ වු පහුගිය ඔක්තෝම්බර් 04 දා සිට පහුගිය සතිය වනතුරු මෙරට සිදුවන මාර්ග අනතුරු වල කැපි පෙනෙන අඩුවක් වාර්තා වු බවත් නමුත් යම් යම් ප්‍රදේශ වල හුදලකා බව ඉවත් කිරිම පහුගිය සතියේ සිදු කිරිමත් සමඟ යළි මාර්ග රිය අනතුරු වාර්තා වු බවද ඔහු පවසයි.

කොවිඩ් වසංගතයට පෙර වාර්තා වුයේ දිනකට රිය අනතුරු වලින් 10 කු පමණ මිය ගිය බවද හෙතෙම සිහිපත් කරයි. නමුත් කොවිඩ් වසංගතය සමඟ ඒය කැපි පෙනෙන ලෙස අඩු වු බවද ඔහු කියා සිටියි.

ඒ් අනුව මාස දෙකකට පසු වැඩිම රිය අනතුරු සංඛ්‍යාව ඊයේ දින 06 ක් ලෙස වාර්තා වු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

පොලොන්නරුව, ඒප්පාවල, මහභාගේ, හුංගම ආදි ප්‍රදේශ වලින් මෙම රිය අනතුරු වාර්තා වු අතර පුද්ගලයින් 07 කු පමණ මිය ගොස් ඇතැයිද ඔහු පවසයි.

ශානිකා

Similar Posts