dr.eli

විශ්ව ශක්තියෙන් කොරෝනා සුව කරනවා කියූ වෛද්‍ය එලියන්ත වයිට් මහතා මිය ගොස් ඇත.

කොරෝනා සුව වීමට මුට්ටි ගඟේ පා කරමින් විශ්ව ශක්තියෙන් රෝග සුවකරන  බව පැවසු වෛද්‍ය එලියන්ත වයිට් මහතාට කොවිඩ් අසාදනය වීමෙන් කොළඹ පුද්ගලික රෝහලකට ඇතුලත් කර තිබුණේ සැප්තැම්බර් මස මුල් සතියේය.

ඔහු වඩාත් ජනප්‍රිය වූයේ කොරෝනා තුරන් කිරීමට අමාත්‍යවරුන්ද එකතු කර ගනිමින් මුට්ටි පා කිරීමේ සිද්ධියත් සමඟිනි.

එලියන්ත් වයිට් මහතා  පුද්ගලික රෝහලට ඇතුල් කිරීමේදී ඔහුගේ ඇතුලත්වීම කොවිඩ් ලෙස සඳහන් නොවිණි. නමුත් පසුව එය කොවිඩ් ආසාදිතයකු ලෙසින් ඇතුලත් කරන ගොණු වල සටහන් යොදා තිබිණි. කෙසේවෙතත් සති කිහිපයක්ම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මෙලෙස මිය ගොස් ඇත.

ඔහු රාජකීය වෙදදුරු ලෙසින්ද හැඳින්විය

Similar Posts