selfy

වව්නියාව – සෙට්ටිකුලම ප්‍රදේශයේ කල්ලාරු පාලම මත සිටිමින් “සෙල්ෆි” ඡායාරූප ගනීමට උත්සාහකළ තරුණයින් දෙදෙනෙකුගෙන් එක් අයෙක් දුම්රියේ ගැටී මිය ගොස් තිබේ.

සෙට්ටිකුලම පොලීසිය පැවසුවේ දුම්රිය පැමිණෙන අවස්ථාවේ දී මෙම තරුණයින් දෙදෙනා පාලම මත ඇද වැටි ඇති බවය.

එහිදී එක් තරුණයෙක් පාලමේ සිට ජලයට වැටි ඇති අතර අනෙක් තරුණයා දුම්රියේ ගැටී ඇත.

අනතුරින් මිය ගොස් ඇත්තේ මන්නාරම, මුරුන්කන් ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙකි.

 

infolanka news

Similar Posts