rain

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද දිනයේද මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පුත්තලම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට එලෙස මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කෙරෙනවා.

උතුරු, වයඹ සහ බස්නාහිර පළාත්වල ද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ද උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකි බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Similar Posts