gas

රටේ දෛනික ගෘහස්ත හා වාණිජ ගෑස් අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව ලිට්රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

තම සමාගම වෙළෙඳපොළ අවශ්‍යතාවෙන් 80%ක ගෑස් සපයන බවත්, ඒවා පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රමිතිය හා අධීක්ෂණයට යටත්ව නිෂ්පාදනය කරන බවත් ලිට්රෝ සමාගම සඳහන් කරයි.

මින් පෙර වෙළඳපොළට නිකුත් කළ නිල් හා කළු මුද්‍රාව සහිත ගෑස් සිලින්ඩර වෙළඳපොළෙන් නැවත ඉවත් කර ගැනීමට තාක්ෂණික උපායන් ක්‍රියාත්මක කරන බවත් ඉදිරියේදී ප්‍රමාදයකින් තොරව ගෑස් ලබා දීමට තම සමාගමට හැකියාව පවතින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Similar Posts