nandalal

එරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම අනුමත වීමෙන් පසු ශ්‍රී ලංකාවේ වානිජ ණය හිමියන් යාවත්කාලීන කිරීමේ සැසියක් ඊයේ (30) දින පැවැත්විණ.

දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා අවශ්‍ය වැඩ කටයුතු එළඹෙන මාසයේ ආරම්භ කරන බවත් එය මැයි මාසය වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද මහ බැංකු සහ භාණ්ඩාගාර ප්‍රධානීන් ණය හිමියන් වෙත මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සදහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් තොගයේ ප්‍රතිව්‍යූහගතකරණයක් කිරීමට අවධානය යොමුව ඇති බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සදහන් කරයි.

තවද සෙසු භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර දේශීය ණය සඳහා ස්වෙච්ඡා ණය ප්‍රශස්තකරණයක් බලාපොරොත්තු වන බවද මහ බැංකු අධිපතිවරයා සදහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන විසින් ඔන්ලයින් මාර්ගයෙන් පැවැත්වුණු මෙම සැසියේදී කරුණු දක්වන ලදී.

Similar Posts