TNA අනෙකුත් පක්ෂයන් හි තීරණය අද හවස  

දෙමළ ජාතික සන්ධානයේ අනෙකුත් හවුල්කාර පක්‍ෂ වන ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්‍ෂය, ටෙලෝ, ප්ලොට්, ටී. එම්. කේ. හා ඊ. පී. ආර්. එල්. එෆ්. යන පක්ෂ මේ පිළිබදව තවදුරටත් සාකච්ඡා කරමින් සිටින බව වාර්තාව වන අතර, ඔවුන් ගේ තීරණය අද (4) සවස ලබාදීමට නියමිත බව වාර්තා වේ.

දෙමළ ජාතික සන්ධාන‍යේ ප්‍රධානතම දේශපාලන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ සහාය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට කොන්දේසි විරහිතව ලබාදීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා ඊයේ (3) පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතාට ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය කොන්දේසි විරහිතව සහාය දැක්වීමට තීරණය කිරීමත් සමග දෙමළ ජාතික සංධානයේ අනෙකුත් පක්ෂ ද ඒම තීරණය ම ගනු ඇතැයි දේශපාලණ විචාරකයින් පවසයි.

 

 

 

Related posts