අභිමානවත් 73 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වේ. ඒ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදීයී.

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර පිරිනැමීමෙන් අනතුරුව නිදහස් දින උත්සවයේ කටයුතු ආරම්භ කෙරුනු අතර ආරාධිත අමුත්තන්ගේ පැමිණීමෙන් පසු මඟුල් බෙර වාදනය මධ්‍යයේ ජනාධිපතිවරයා විසින් ජාතික ධජය එසවීය. පාසල් සිසු සිසුවියෝ 45 දෙනෙක් විසින් ජාතික ගීය ගායනා කරන අතර ජයමංගල ගාථා සහ දේවෝ වස්සතු කාලේන ගථාව ද ගායනා කරන ලදී.

ජනාධිපතිවරයා වෙත ආචාර වෙඩි මුර 21ක් පිරිනැමීමෙන් අනතුරුව ජාතිය ඇමතීමට නියමිත අතර ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ මෙන්ම සිවිල් ආරක්ෂක බළකායේ ආචාර පෙළපාළියෙන් සහ සංස්කෘතික පෙළපාළියෙන් පසු නිදහස් උලෙළ අවසන් කෙරේ.

Similar Posts