ට්විටර් සමාගමේ බහුතර කොටස් පසුගියදා ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන් ඉලොන් මස්ක් විසින් මිලදී ගත් අතර එහි හිමිකාරීත්වය ඒ අනුව ඔහු සතුවිය.

සමාගමේ 3,700ක් පමණ වන සේවක සංඛ්‍යාවෙන් අඩක් පමණ ඉවත්කරන බවද ඔහු පැවසීය.

රොයිටර්ස් පුවත් සේවය පවසන්නේ එක් එක් සේවකයාට අද රාත්‍රී 09ට ලැබීමට නියමිත ඊ මේල් පණිවුඩය මගින් ඔහු හෝ ඇය ව සේවයෙන් ඉවත්කර ඇත්ද නැත්ද යන්න දැනුම් දීමට නියමිතය.

මේ වනවිට බොහෝ සේවකයින්ට සමාගමේ පරිඝනක පද්ධතියට ඇතුළුවීම වළකා ඇතැයිද සඳහන් ය.

Similar Posts