badweather

මහවැලි, කළු සහ කැළණි ගංඟාවල ජල මට්ටම ස්ථාන කිහිපයකින් අවධානම් තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

කැළණි ගඟේ කිතුල්ගල ප්‍රදේශයෙන් ද, කෙහෙල්ගමු ඔයේ නෝර්වුඩ් ප්‍රදේශයෙන් ද, කළු ගඟේ කළවැල්ලාව ප්‍රදේශයෙන් ද, මහවැලි ගඟේ පේරාදෙණිය සහ නාවලපිටිය යන ප්‍රදේශවලින් ද ජල මට්ටම ඉහළ යමින් තිබේ.

ඒ අතරින් කිතුල්ගල ප්‍රදේශයෙන් කැළණි ගඟේ ද, පේරාදෙණිය ප්‍රදේශයෙන් මහවැලි ගඟේ ද ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.

Similar Posts