jiniwa

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තවත් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අද (06) ඉදිරිපත් කෙරේ.

ජිනීවා නුවර සිටින විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඊයේ(05) මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් ප්‍රකාශ කළේ, බලවත් රටවල් රැසක් එක්ව මේ යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි.

අමෙරිකාව, එංගලන්තය, කැනඩාව, උතුරු අයර්ලන්තය, උතුරු මැසඩෝනියාව, ජර්මනිය, මලාවි සහ ලක්සර්ම්බර්ග් යන රටවලින් සමන්විත මධ්‍යගත කණ්ඩායම මේ යෝජනාවේ කෙටුම්පත ප්‍රසිද්ධ කර තිබේ.

එහි කරුණු 19 ක් ඇතුළත් ය.

යෝජනාවේ ඇතුළත් කරුණු 19 න් 9 ක්ම වෙන්කර ඇත්තේ ආර්ථික අර්බුදය හා මෑත කාලීනව සිදු වූ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙනි.

ආහාර සුරක්ෂිතාවය බිඳවැටීම, බරපතල ඉන්ධන හිඟය, අත්‍යවශ්‍ය ඖෂධ හිඟය සහ පවුල් ඒකකවල ආදායම් අඩුවීම වැනි කරුණු කෙරෙහි අදාල යෝජනාවලියෙන් දැඩි අවධානයක් යොමුකර තිබේ.

එහි සඳහන් වන්නේ ආර්ථික අවපාතය හේතුවෙන් මානව අයිතිවාසිකම්වලට දැඩි බලපෑමක් එල්ලවී ඇති බවයි.

මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරයට රටවල් 47 ක් සහභාගීවන අතර ඉන් රටවල් 30 ක් දැනටමත් යෝජනාවට සහය දෙන බව ප්‍රකාශ කර ඇත.

Similar Posts