ganwathu

කළු, කැලණි ගංඟා සහ අත්තනගලු ඔය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක මේ වනවිට සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර මහතා සඳහන් කළේ, අද දිනයේ ලැබෙන වැසි අනුව මෙම ගංවතුර මට්ටම තවදුරටත් ඉහළ යා හැකි බවය.

මේ අතර කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

Similar Posts