valuation fee

නව තක්සේරු මත අය කිරිමට යෝජනා කර තිබු වරිපනම් බදු, කඩ කුලි ගාස්තු එම තක්සේරු පිලිබදව නැවත සමාලෝචනය කරන තෙක් අත් හිටුවිමට පියවර ගන්නා ලෙස මධ්‍යම පලාත් පලාත් පාලන කොමසාරිස් එච්. එම්. එම්. යු. බී. හේරත් මහතා විසින් ලිඛිතව දැනුම් දිමට පියවර ගෙන ඇති බව හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසයි.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශය තුල කරන ලද නව තක්සේරු මත අය කිරිමට යෝජිත වරිපනම් බදු, කඩ කුලි ආදිය දැඩි ඉහල ගිය බවත් මෙම තත්වයන් පිලිබදව පසුගිය මාසික රැස්විමේදි නාගරික මංත්‍රිවරුන්ගේද දැඩි අප්‍රසාදය පලවු බවත්ය.

එමෙන්ම මෙසේ මෙම වරිපනම් බදු කඩ කුලි ආදිය ඉහල යාම සම්බන්දයෙන් වෙලද සැල් හිමියන් විශාල පිරිසක්ද ඔවුන්ගේ දැඩි විරෝධය ලිඛිතව දන්වා සිටි බවත් මෙම සියලු කරුනු ගොනු කර මෙම තත්වයන් පිලිබදව මධ්‍යම පලාත් පලාත් පාලන කොමසාරිස් තුමන් දැනුවත් කිරිමට පියවර ගත් බවත්ය.

මෙම තත්වයන් මත මධ්‍යම පලාත් පලාත් පාලන කොමසාරිස්තුමන් විසින් වර්ථමානයේ පවතින කොවිඩ් වසංගතය තත්වයන් හේතුවෙන් ව්‍යාපාරිකයන් හා ජනතාව ඉතාමත් අපහසුතා මධ්‍යයේ දෛනික කටයුතු පවත්වාගෙන යාම පිලිබදව අවධානය යොමු කර පලාත් පාලන ආයතන මගින් සිදු කරනු ලබන නව තක්සේරු කිරිම් මත සිදු කරනු ලබන බදු හා කුලි ගාස්තු වැඩි කිරිම් ඉදිරියේදි සමාලෝචනය කර දන්වන තෙක් ගරු මධ්‍යම පලාත් ආන්ඩුකාර තුමන් විසින් ලබාදි ඇති නියෝග මත තාවකාලිකව අත් හිටුවන ලෙසට දන්වා ඇති බවද බාලචන්ද්‍රන් මහතා පවසන ලදි.

එමෙන්ම මේ පිලිබදව ජනාධිපති ලේකම් තුමන් විසින් එවා ඇති ලිපිය පිලිබදවද කාරුණික අවදානය යොමු කර ඉදිරියේදි මෙම තක්සේරු පිලිබදව සමාලෝචනය කර දැන්විමට කටයුතු කරන බවද මධ්‍යම පලාත් පලාත් පාලන කොමසාරිස් තුමන් ලිඛිතව දන්වා ඇති බවද ඔහු පවසන ලදි.

කොවිඩ් වසංගතය හමුවේ නව තක්සේරු මත සිදු කර ඇති ඉහල අය කිරිම් පිලිබදව ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගේ,ජනතාවගේ හා නාගරික මංත්‍රිවරුන්ගේ ඉල්ලිම් පිලිබදව අවදානය යොමු කර එම පිරිස් සදහා යම් සහනයක් ලබා දිමට පියවර ගැනිම පිලිබදව ගරු ජනාධිපතිතුමන්ට, මධ්‍යම පලාත් ආන්ඩුකාර තුමන්ට හා මධ්‍යම පලාත් පලාත් පාලන කොමසාරිස් තුමන්ට ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ස්තුතිය පුද කරන බවද බාලචන්ද්‍රන් මහතා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts