elawalu digital backpack

මේ වන විට එළවලු මිල දැඩි ලෙස ඉහළ යාමත් සමග මෙම ප්‍රදේශයේ ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මේ වන විට මෙම ප්‍රදේශයේ බෝංචි ක්‍රිලෝව රුපියල් 280ත් 300ත්, බිට්, ගෙඩි ගෝවා,මුරුංගා, එලබටු, ක්‍රිලෝව රුපියල් 200ත් 220ත්, වම්බටු, ලික්ස්, ක්‍රිලෝව රුපියල් 280ත් 300ත්, කැරට් ක්‍රිලෝව රුපියල් 240ත් 260ත්, දඹල ක්‍රිලෝව රුපියල් 220ත් 240ත්, මාළු මිරිස් ක්‍රිලෝව රුපියල් 400ත් 450ත්, කරවිල ක්‍රිලෝව රුපියල් 400ත් 420ත්, අමු මිරිස් ක්‍රිලෝව රුපියල් 450ත් 500ත්, තක්කාලි ක්‍රිලෝව රුපියල් 420ත් 450ත්, දෙහි ක්‍රිලෝව රුපියල් 750ත් 800ත් අතර මිලකට අලෙවි වනු ඇත.

එළවලු මිල මෙසේ ඉහළ යාම් පිළිබදව අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ එළවලු මිල මෙසේ දැඩි ලෙම ඉහළ යාමත් සමග තමන් මේ වන විට දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

මේ වන විට තම අදායම් තත්වයන්ද ඉතාමත් පහළ මට්ටමක පවතින බවත් එවන් තත්වයන් මත එළවලු මිල මෙසේ දැඩි ලෙස ඉහළ යාමෙන් තමන්ට ආහාර සදහා එළවලු ගැනිම දුෂ්කර තත්වයක පවතින බවද ඔවුන් පවසති.

එළවලු මිල මෙසේ ඉහල යාම් පිළබදව කරනු ලබන විමසුම්වලි ප්‍රදේශයේ බොහෝ එළවලු වෙලදුන් පවසනුයේ මේ වන විට එළවලු තොග නිසි ලෙස නොලැබිමත් සමග එළවලු මිල මෙසේ දැඩි ලෙස ඉහල ගොස් ඇති බවත්ය.

රට තුල පවතින පොහෝර හිගය හා පවතින වැසි තත්වයන් හේතුවෙන් එළවලු වගාවන් විනාශ විමත් සමග මේ වන විට එළවලු හිගයක් පවතින බවත් එම තත්වයන් මත එළවලු මිල මෙසේ ඉහළ යාමෙන් එළවලු අලෙවියද දැඩි ලෙස පහල බැසිමෙන් පාරිභෝගිකයන් මෙන්ම තමන්ද දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද එම එළවලු වෙළදුන් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

food delivery services in sri lanka

Similar Posts