kansa

දුමක් ආකාරයට කංසා භාවිතා කිරීමට අවසර නැති බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කළේය.

කංසා වගා කිරීම ඖෂධ සඳහා පමණක් නීත්‍යානුකූල කිරීමට තීරණය කර ඇතැයි ද කී ඔහු විනෝදාස්වාදය සඳහා හෝ වෙනත් නිෂ්පාදන සඳහා කන්සා යොදා ගැනීමට අවසර නැතැයිද පැවසීය.

මේ සඳහා ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවට ඉදිරි සති දෙක ඇතුළත අනුමැතිය ලැබුණු ඇති බවද ඒ මහතා පවසයි.

කැබිනට් අනුමැතියෙන් අනතුරුව ඖෂධයක් ලෙස කංසා වගාව සඳහා නෛතික රාමුවක් සකස් කරන බවද හෙතෙම සඳහන් කළේය.

Similar Posts