ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ගම්පහ සියනෑතරු ක්‍රීඩා සමාජය සමත් වූණා. දෙබෑගම රන්තරු ක්‍රීඩා සමාජය පරාජයට පත්කරමිනුයි ගම්පහ සියනෑතරු ක්‍රීඩා සමාජය සමත්වුණේ.

ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ වයස අවුරුදු 23 න් පහළ පිරිමි ශූරතාව දිනා ගැනීමට වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් ක්‍රීඩා සමාජය සමත් වුණා. ඒ තරග වට තුනට එකක් ලෙස පසුගිය වර ශූරයන් වූ නාත්තණ්ඩිය යුනයිටඩ් කණ්ඩායම පරාජයට පත් කරමින්.

මෙහි කාන්තා අංශයේ ශූරතාව හිමිකර ගත්තේ මහඋස්වැව රතනපාල කණ්ඩායම තරග වට තුනට බිංදුවක් ලෙස පරාජයට පත් කළ කහතුඩුව හයිඩ්‍රාමනී කණ්ඩායමයි. අභියෝගතා ශූරතාවලියේ කාන්තා අංශයේ ශූරතාව දිනා ගත්තේ කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජයයි.

එහි අනුශූරතාව කහතුඩුව හයිඩ්‍රාමනී කණ්ඩායමට හිමිවුණා. එහි පිරිමි අංශයේ ශූරතාව දිනා ගැනීමට සමත්වුණේ පොතුපිටිය ක්‍රීඩා සමාජයයි. ඔවුන් අතින් අවසන් තරගයේදී නාත්තණ්ඩිය යුනයිටඩ් කණ්ඩායම පරාජයට පත්වුණේ තරග වට තුනට එකක් ලෙසයි.

තරගයේ ජයග්‍රාහිකයන් සදහා ත්‍යාග සහ කුසලාන පිරිනැමුණේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ඩයලොග් ආසියාටා සමාගමේ වෙළද නාම සහ මාධ්‍ය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී හර්ෂ සමරනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

Similar Posts