අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්ත දකුණු වෙරළ තීරයේ රික්ටර් මාපක 7.5 ක භූකම්පනයක් හටගෙන තිබෙනවා.

භූකම්පනය හේතුවෙන් වෙරළාශ්‍රිත ප්‍රදේශ කිහිපයකට කුඩා සුනාමි රළ පහරක් පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. රළ පහරට පෙර වෙරළාශ්‍රිත නිවැසියන් වෙනත් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා.

කෙසේ වෙතත් භූකම්පනයෙන් හෝ රළ පහරින් සිදුව ඇති හානි පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව සඳහන්.

Similar Posts